උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සඳහා 2025 අයවැය හරහා රජය රුපියල් මිලියන 1,437ක් වෙන් කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළා.
ඒ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ උතුරු පළාතේ හෙක්ටයාර 40,000ක පොල් ගස් වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවත් 2025 අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 1,437ක් වෙන් කරන ලෙසත් ඉල්ලා ඇති බවයි.
රට තුළ හෙක්ටයාර 05කට අඩු පොල් වගාවන් සඳහා නොමිලේ පොහොර ලබාදීමට ද රජය තීරණය කර ඇති බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රුසියාවෙන් ලැබුණු මෙට්‍රික් ටොන් 55,000ක පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 27,500ක් පොල් වගාව සඳහා වෙන් කිරීමට තීරණය කර ඇති බවයි.
පවතින පොල් ගැටලුව සමඟ මේ වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)