22 January 2025


තෝරාගත් සිසුන් පිරිසකට සපත්තු මිලදී ගන්න රු.3,000ක වවුචරයක්



තෝරාගත් පාසල් සහ පිරිවෙන්වල සිසුන් සඳහා සපත්තු මිලදී ගැනීම වෙනුවෙන් රු. 3,000ක තෑගි වවුචර් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

2015 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරාගත් සිසුන් සඳහා සපත්තු යුගලයක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.

අනතුරුව 2020 - 2023 වසර  සිට පිරිවෙන් සහ සීල මාතාවන්හි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගිහි සිසුන් මෙම වැඩසටහනට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)