04 March 2025


මෙරට නිෂ්පාදිත විශාලතම ධීවර යාත්‍රාව දික්ඕවිටදී දියත් කරයි



ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද විශාලතම ධීවර යාත්‍රාව ඊයේ (03) දික්ඕවිට ධීවර වරායේදී දියත් කර තිබෙනවා.

නවීන තාක්‍ෂණයෙන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද අඩි 80ක මෙම යාත්‍රාව සෝමාලියාවට අපනයනය කිරීම වෙනුවෙන් ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යාත්‍රාව ධීවර, ජලජ හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් දියත් කර තිබෙනවා.

(colombotimes.lk)