01 July 2025

logo

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක්



පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගේ අයදුම්පත් භාරගැනීම ලබන 12වනදා මධ්‍යම රාත්‍රී  12.00ට අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ලබන 12 වනදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙස එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගේ අයදුම්පත් භාර ගැනීමේ දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියා.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමටද හැකියි.  

මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)