වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර 5 තුළදී මෙරට ජීවත්වන වයස අවුරුදු 40ට වැඩි සෑම පුරවැසියෙක්ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලයේදී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළා.
ඒ ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන “සුව උදාන” 05 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
ඒ තුළින් හඳුනාගන්නා රෝග තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ලබාදීමත් මීට ආදාළ දීර්ඝ කාලීන වැඩසටහනක් වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය තුළ ඇති බවත් ඔහු සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බවයි.
(colombotimes.lk)