05 February 2025


ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය



විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය සමඟ සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජපන් රජය හා ශ්‍රී ලංකා රජය අතර JICA ආයතනය සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමඟ ICA ආයතන අතර වූ ගිවිසුම් මෙලෙස සංශෝධනය කර තිබෙනවා.

(colombotimes.lk)