පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත් පිළිබඳව ශේෂ්ඨාධිකරණය ලබාදුන් වාර්තාව තමන්ට ලැබී නොමැති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා.
ඒ අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට යොමු කරන බව පසුගිය 27වනදා නිවේදනය කළා.
(colombotimes.lk)