ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා ඊයේ (04) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.
ඒ අරලියගහ මන්දිරයේදීයි.
එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සමෘද්ධියට සහය වීම සඳහා ජපානයේ අඛණ්ඩ කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.
එමෙන්ම ඉතිහාසය පුරා ජපානයේ සහයෝගය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සහ ගෝලීය හා කලාපීය අභියෝගවලට මුහුණදීමට දරන උත්සාහයන් සඳහා එහිදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සිය කෘතඥතා පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)