05 February 2025


ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි 2ක් අද විවාදයට



පාර්ලිමේන්තුව මේ වන විට රැස් වී තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි 2ක් විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 3.30 සිට පෙරවරු 5.30 දක්වා කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 
(colombotimes.lk)