මෙක්සිකෝව සහ කැනඩාව වෙත පනවා තිබූ දැඩි තීරුබදු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 30කට අත්හිටුවා තිබෙනවා.
ඒ ඇමරිකානු අසල්වාසී රටවල් දෙක සමඟ අවසන් මොහොතේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
දේශසීමා ආරක්ෂාව වැඩිදියුණු කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට පියවර ගැනීමට මෙක්සිකෝව සහ කැනඩාව එකඟවීමෙන් පසුව ට්‍රම්ප් සිය තීරණය ආපසු හැරවීමට කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා කොටස් වෙළඳපොළ 1%කින් සහ ජපාන කොටස් වෙළඳපොළ 2.7%කින් පසුබෑමකට ලක්ව තිබෙන බවයි.
(colombotimes.lk)