ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සපයන ව්‍යාපෘති සහ ප්‍රදාන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින්.
එහි සඳහන් වන්නේ මෑත වසරවලදී ශ්‍රී ලංකාවට USAID වෙතින් ඩොලර් මිලියන ගණනක් ලැබී ඇති බවයි.
රාජ්‍ය නොවන සංවිධාන 100කට අධික සංඛ්‍යාවක් මෙන්ම දේශපාලඥයන් සහ මාධ්‍ය පුද්ගලයන් මෙම අරමුදල්වලින් ප්‍රතිලාභ ලබන බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව මෙම ව්‍යාපෘති සහ USAID යටතේ ක්‍රියාත්මක වන ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම සටහනේ වැඩිදුරටත් සඳහන්.
එම ‘X’ සටහන පහතින්,
(colombotimes.lk)