2024 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
සෑම මුදල් වර්ෂයක්ම අවසන් වී සිව් මසක් තුළ එම මුදල් වර්ෂය තුළ පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාවක් මුදල් විෂයභාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි.
ඒ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 (3) වගන්තිය අනුව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව 2024 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රවණතා, මූල්‍ය පද්ධතියෙහි තත්ත්වය හා ප්‍රධාන වර්ධනයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)