06 May 2025


චාමරගෙන් පැය 04ක ප්‍රකාශයක් ගනියි



පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (03) ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

 මන්ත්‍රීවරයාගෙන් එම කොට්ඨාසය පැය 4ක ප්‍රකාශයක් ලබා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ලංකා පොස්ට්පේට් සමාගම මඟින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන තිබෙනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සුජීව විජේසේනගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)