1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
එම පනත සංශෝධනය කිරීම සඳහා 2024 ජනවාරි 24වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව යෝජිත සංශෝධනයන් ඇතුළත් කරමින් ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම වෙනුවෙන් අවසන් පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
(colombotimes.lk)