colombotimes.lk
සිංහල | English

04 May 2024

විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම් ගැන නිවේදනයක්



විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
 
ඔහු කියා සිටියේ එහි කටයුතු ලබන සතිය වන විට ආරම්භ කිරීමට නියමිත බවයි.
 
එසේම විද්‍යාපීඨ පුහුණුව නිම කළ සිසුන් 4,160ක් විද්‍යාපීඨ වලින් පිටවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එමෙන්ම ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.  
(colombotimes.lk)