09 May 2025


ජනපතිගේ කතාවට කොමිසමෙන් 21වනදා තීරණයක්



ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතනවලට ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට අදාළව ලැබී ඇති පැමිණි සම්බන්ධයෙන් ලබන 21වනදා මැතිවරණ කොමිසම රැස් වී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මඟින් මැතිවරණ නීති උල්ලංඝනය වී ඇති බවට පෙනී යන බවයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි රැසක් ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම් ඒ. එල්. රත්නායක සඳහන් කළා.

(colombotimes.lk)