කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කර තිබෙනවා.
එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)