කාෂ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට අනුබල දුන් සියලුදෙනාට දැඩි දඬුවම් පමුණුවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පසුගියදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.
මේ අතර ඉන්දියාවේ සිටින සියලුම පාකිස්ථාන ජාතිකයන් ලබන 29වනදාට පෙර එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)