colombotimes.lk
සිංහල | English

18 October 2024


ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලෙහි වෙනසක්



මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.92 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 77.804ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)