අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අදාළ නඩුව ඊයේ (10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය වෙත දන්වා තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් එම සැකකරුවැව ලබන 21 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
(colombotimes.lk)