පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර මිලදී ගැනීමේදී මන්ත්‍රීවරුන්ගෙන් මෙතෙක් අය කළ ගාස්තු රුපියල් 1550කින් ඉහළ දැමීමට අද (23) රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.
එම කාරක සභාවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි.
මේ අනුව මෙතෙක් උදෑසන ආහාරය සඳහා අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 600 දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම රුපියල් 300ක්ව පැවති දිවා ආහාර ගාස්තුව රුපියල් 1200 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
තේ පැන් සඳහා ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ දමා තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තුව ඉහළ දැමීමට තීරණය නොකළ බවයි.
(colombotimes.lk)