ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට ඊයේ (02) අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ආවරණය කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට පැමිණි අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මෙන්ම මෙම සැකකරුට අපරාධය සමඟ තිබෙන සම්බන්ධය දැක්වෙන සවිස්තර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සැකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අධිකරණය විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)