ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළා.
ඒ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ වන විටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රුපියල් බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බවයි.
(colombotimes.lk)