06 February 2026

logo

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

මේ අතර හෙට (15) උදෑසන 6.00 වන තෙක් වලංගු වන පරිදි තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

එම අවවාදාත්මක නිවේදනය පහතින්,



(colombotimes.lk)