ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කර ජාතික තලයේ ආදර්ශ ඩිපෝවන් බවට පත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළා.
ඒ ඊයේ (29) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ මෙම ඩිපෝ සංවර්ධනය කර මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඉහළ ආදායමක් ඉපැයීම මඟින් ලාභදායී ආයතන බවට පත්කිරීම එහි අරමුණ බවයි.
(colombotimes.lk)