08 July 2025

logo

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්



පොලී ආදායම මත රඳවා ගැනීමේ බද්දට යටත් වන‍ බදු අය කළ හැකි ආදායමක් නොමැති පුද්ගලයන් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාළ ස්වයං ප්‍රකාශණය භාරදීමේ අවසාන දිනය අප්‍රේල් 30වනදා බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ඒ සඳහන් අවසාන දිනයක් නියම කර නොමැති බවයි.

මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නාට හඳුනාගැනීමේ අංකයක් (TIN) අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)