පාර්මේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් ලබන 02වනදා පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම රැස්වීම සඳහා සහභාගිවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.
අවසන්වරට පාර්ලිමේන්තුව පසුගිය 10වනදා රැස් වූ අතර යළි මැයි 08වනදා පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබෙනවා.