17 July 2025

logo

වාහන ආනයනය පිළිබඳ මීළඟ තීරණය ගන්නා අකාරය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි



ජනාධිපති කාර්යාලය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසු වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට වාහන වෙළඳපොළට එය බලපාන බැවින් වාහන ආනයනයට අවසර දෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 
 
තමන් නිශ්චිත දිනයක් ප්‍රකාශ කළහොත් මෙරට වාහන අළෙවියේ විශාල වෙනසක් සිදුවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)