20 February 2026

logo

මැතිවරණ කොමිසමේ සේවාවන් දැනුම්දෙන තුරු අත්හිටුවයි



මැතිවරණ කොමිෂන් සභාවේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා.
  
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිට වූ බවයි.
 
ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා. 

(colombotimes.lk)