08 January 2026

logo

ඇමරිකාවට ප්‍රබල භූ කම්පනයක්



ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි.
 
මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. 

මෙම භූ කම්පනය ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ කිලෝමීටර් 20ක් ගැඹුරින් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.