ඇමරිකාව, යුක්‍රේනය වෙත නේටෝ සංවිධානය හරහා විකුණන අවි තොගයේ පළමු කොටස නැව් ගත කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පේට්‍රියට් මිසයිල තොගයක් ජර්මනියේ සිට යුක්‍රේනය වෙත යවන බවට මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙය සඳහන් කළ බවයි.
එමෙන්ම පසුගිය සඳුදා සිට තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකථන සංවාදයක් පවත්වා නොමැති බවද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)