02 August 2025

logo

ආලෝක සංඥා පුවරු රැසක් අලුත් කිරීමට තීරණය කරයි



නගරවල සවිකර තිබෙන ආලෝක සංඥා පුවරු 200ක් සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් ප්‍රතිපාදන සපයන බවයි.

පළමු අදියර සඳහා රුපියල් මිලියන 56 මුදලක් එම අරමුදල විසින් ලබාදීමට නියමිත අතර ඉන් මිලියන 33ක් පසුගියදා නාගරික සංවර්ධන අධිකාරිය වෙත මේ වන විට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආලෝක සංඥා ක්‍රියාත්මක වන විට රිය ධාවනය කළ යුතු වේලාව නියමිත පරිදි රියදුරන්ට දිස්වීම හේතුවෙන් අදාළ වේලාව තෙක් වාහනයේ එංජිම ක්‍රියාත්මක නොකර සිටීමට හැකියාව තිබෙනවා.

(colombotimes.lk)