ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතර ශ්‍රී ලංකාව ද ඇතුලත් ව සිටින බව ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයක දැක්වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතර ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය හා තායිලන්තය යන ආසියාතික රටවල් වනවා.
වසර 2000 සිට 2019 දක්වා ගත වූ වසර 19 ක කාලය තුළ ලොව පුරා රටවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයේ සිට මිලියන 5.2 ක් දක්වා දස ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරන බවද එම සංවිධානය පවසනවා.
2019 වසර වන විට ලොව පුරා රටවල් 129 ක ඩෙංගු රෝගය පැතිර ගොස් තිබුණා.
(colombotimes.lk)