04 July 2025

logo

කැරිබියන් දූපත්වල ප්‍රබල භූ කම්පනයක්



කැරිබියන් මුහුදේ රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

මෙම භූ කම්පනය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20ක් සහ කේමන් දූපත්වලට නිරිත දෙසින් සැතපුම් 130ක් පමණ දුරින් සිදු වී තිබෙනවා.

(colombotimes.lk)