11 February 2025


හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (10) මෝදර පොලිස් වසමේ මස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.     

(colombotimes.lk)