අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවයි.
නිවාසයක් තනාගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ලේකම්වරයා සඳහන් කළා.
ඒ හරහා රැකියාවක් නොමැති අයට එම නිවාස ණය ලබාදීමට නියමිතයි.
එමෙන්ම රාජ්‍ය බැංකු මඟින් අදාළ ණය මුදල ලබාදීමට නියමිතව තිබෙනවා.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ලබාදෙන ණය මුදල ගෙවා දැමීමට හැකි අය තෝරාගෙන එම ණය මුදල ලබාදෙන බවයි.
(colombotimes.lk)