පොලීස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද (28) යළිත් පොලීස්පති දෙශබන්දු තෙන්නකෝන් පෙනී සිටිමට නියමිතව තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව ඒ සඳහා අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි.
පසුගිය 19වනදා පොලීස්පති දේශබන්දු තෙන්නකෝන් පළමුවරට එම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටියා.
ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ ඔහු නිදහසට කරුණු දැක්වීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)