09 May 2025


දිලිත් - විමල් - උදය සන්ධානගත වෙයි



දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පෙරවරුවේ කොළඹදී පිහිටුවා තිබෙනවා.

ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය ඊට එක් වී තිබෙනවා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ස්වාධීන මන්ත්‍රී සංසදය සහ විද්වත් කණ්ඩායම් කිහිපයක්ද එම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමේ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

(colombotimes.lk)