colombotimes.lk
සිංහල | English

22 September 2024


"ඔන්මැක්ස් ඩීටී" අධ්‍යක්ෂකවරුන් 05 දෙනා රිමාන්ඩ්



අත්අඩංගුවට ගතත් 'ඔන්මැක්ස් ඩීටී' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා ලබන 16 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) නියෝග කළා. 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන් සාරංග රන්දීප සහ ධනංජය ජයාන් යන අයයි. 
 
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
(colombotimes.lk)