18 September 2025

logo

EXCLUSIVE | OTP අංක සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන අනාවරණයක්



මෙරට බැංකුවක විවිධ බැංකුකරණ සේවාවන් ලබා දෙන ලෙස පවසමින් සංවිධානය වූ කිසියම් වංචාකාරී කණ්ඩායමක් බැංකු ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව Messenger හරහා Online Banking පහසුකම සකස් කරදෙන ලෙස සඳහන් කරමිනුයි ඔවුන් ගනුදෙනුකරුවන් මුලා කරනු ලබන්නේ.  

කෙසේ වෙතත් බැංකු විසින් කිසි විටකත් බැංකු ගිණුම් විවෘත කිරීමට හෝ බැංකුකරණ කටයුතු සිදු කිරීමට තෙවැනි පාර්ශවයන් යොදවන්නේ නැහැ.

එම නිසා ගිණුම් අංක, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද, පරිශීලක නාම සහ OTP අංක වැනි ඔබගේ පෞද්ගලික බැංකුකරණ තොරතුරු හෝ වෙනත් පෞද්ගලික තොරතුරු තෙවැනි පාර්ශවයන් වෙත අනාවරණය නොකරන ලෙසයි Colombo Times අප ඔබෙන් ඉල්ලා සිටින්නේ.
 
 
 
 
 
 
 
 
 
 
මෙවන් වංචාකාරී පුද්ගලයින්ට හසු නොවන ලෙස මහජන බැංකුව විසින් සිය සමාජ මාධ්‍ය හරහා සියලුම ගනුදෙනුකරුවන් දැනුවත් කර තිබුණේ මෙලෙසින්.
 
(colombotimes)