ගොවිතැන් කටයුතු සඳහා පවතින ජල ගැටලුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් අද (06) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එය අද පස්වරු 03 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අදාළ සාකච්ඡාව සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් කැඳවා ඇති බව සඳහන්.
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් රැසක පවතින නියං කාලගුණය සමඟ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාගැනීම බරපතළ අර්බුදයක් වී තිබෙනවා.
(Colombotimes.lk)