යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) සිදු කිරීමට නියමිතයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා සඳහන් කළේ, ඒ සඳහා සාකච්ඡාවක් අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි.
ඊට ආචාර්ය විජේදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල හා මනූෂ නානායක්කාර යන අදාළ පනත් කෙටුම්පත සැකසූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයින් ද එක් වන බව සඳහන්.
සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඇරයුම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා.
අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ, යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන ඉදිරිපත් කරන සංශෝධන මෙම හමුවේදී සාකච්ඡාවට ලක් කෙරෙන බවයි.
(colombotimes.lk)