බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ පාරිභෝගිකයන් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශී වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව මෙම තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී තිබෙනවා.
ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සඳහන් කළා.
(colombotimes.lk)