09 May 2025


පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් රෙදි බෙදා හැරීම අවසන්



රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම වසරේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීම සිදු කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක් බවයි.

මේ වන විට සියලුම පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදු කර පාසල් සිසුන් වෙත ලබාදී අවසන් බවද එම නිවේදනයේ සඳහන්.

ඒ සඳහා අවශ්‍ය වූ  වූ මීටර් මිලියන 12ක් පමණ වූ රෙදි ප්‍රමාණය චීන රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබී තිබෙනවා.



(colombotimes.lk)