03 January 2025


ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා නම් කරයි



මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප්ගේ ප්‍රචාරක කළමනාකරු තනතුරට පත් වූ පළමු කාන්තාවද ඇය බවයි.

වයිල්ස් ඇමරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම දේශපාලන ජයග්‍රහණයක් ලබා ගැනීමට තමාට උපකාර කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තීරණය බලාත්මක වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජනවාරි 20වන දින ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බවයි.

කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ 17 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ඡන්ද විද්‍යාලයේ අවසන් තීරණයට පසුව ඇමරිකානු රජය විසින් නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දැනට නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 295ක් ජයග්‍රහණය කර තිබෙන බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.  

එය දැක්වෙන්නේ 50.8%ක ප්‍රතිශතයක් ලෙසයි.

ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂක කමලා හැරිස්  මේ වන විට ආසන 226ක් ජයග්‍රහණය කර තිබෙනවා.

(colombotimes.lk)