04 July 2025

logo

ඩෙංගු නසන්න ඩ්‍රෝන කැමරා යොදා ගනී



ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීමට නොහැකි උස් ගොඩනැගිලි ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් පරික්ෂා කිරීම අද (02) සිදු කෙරුණා. 

එවැනි ගොඩනැගිලිවල මදුරු කීටයන් බෝවිය හැකි වතුර රැඳී තිබෙන ස්ථානවෙත ගුවනේ සිට ඩ්‍රෝන කැමරාව උපයෝගී කරගනිමින් BTI කැට යොදන ලද රසායනික ද්‍රව්‍ය ඉසීමද මෙහිදී සිදු කළා. 
 
මෙම වැඩසටහන දැනට රට තුළ තිබෙන තත්ත්වය පහව යනතෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 
 
ඒ අනුව අදාළ ඩ්‍රෝන යානය දෛනිකව කොළඹ, කළුතර සහ ගම්පහ යන සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් වෙතම ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)