AI තාක්ෂණයෙන් සිංහල දෙමළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් හා පෞද්ගලික අංශය එක්ව එම මෘදුකාංගය සකස් කරන බවයි.
ඉදිරි මාස 06ක කාලය ඇතුළත එය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මුදා හැරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නව මෘදුකාංගයෙන් සිංහලෙන් කතා කරන කරුණු තත්ත්පර කිහිපයක් ඇතුළත දෙමළ බසටත්, දෙමළ බසින් කතා කරන සියලුම දේ තත්ත්පර කිහිපයක් ඇතුළත සිංහල බසටත් පරිවර්තනය කිරීමේ හැකියාව පවතින බවයි.
(colombotimes.lk)