04 July 2025

logo

කොළඹ ඩෙංගු බෝවන ස්ථාන ගැන දැනුම්දෙන්න දුරකථන අංකයක්



කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
 
ඒ අනුව 011 2696594 යන දුරකථන අංකයට එම තොරතුරු දැනුම්දිය හැකි බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ (03) ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාව සඳහන් කළා. 

ඒ සඳහා කණ්ඩායම් 60ක් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් ඩෙංගු රෝගීන් 2,576ක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (03) සිදු කළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බවයි. 

(colombotimes.lk)