04 July 2025

logo

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ඇරඹෙයි



ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද (04) ආරම්භ වනවා.
 
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ ප්‍රධාන අරමුණු 03ක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදීයාම සහතික කිරීම සඳහා එම වැඩපිළිවෙළ තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

එමෙන්ම මෙම වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මඟින් සිදු කිරීමට නියමිතයි. 

(colombotimes.lk)