ග්‍රීසියට අයත් ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් එහි සිටි දහස් ගණනක් ජනතාව කඩනමින් ඉවත්කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් දැඩි සුළං හේතුවෙන් ගිනි නිවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් නිවාස හා ව්‍යාපාරවලට දැඩි හානි සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
ක්‍රීට් දූපතේ අච්ලියා ප්‍රදේශයේ ඇතිව තිබෙන මෙම ගින්න වනාන්තර සහ කඳුකර භූමි ප්‍රදේශ හරහා වේගයෙන් පැතිර යමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට පුද්ගලයන් 5,000ක් පමණඑම ප්‍රදේශයෙන් ඉවත්කර ඇති බවයි.
එලෙස ඉවත් කළ පිරිසගෙන් බහුතරය එහි හෝටල්වල නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයන් බවට වාර්තා වනවා.
බලධාරීන් සඳහන් කළේ එමඟින් සිදු වූ හානිය විශාල බවත් වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශ දෙකෙහිම නිවාස, වනාන්තර, හෝටල් ඇතුළු ව්‍යාපාර විනාශ වී ඇති බවයි.
(colombotimes.lk)